HAPPY LIFE
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HAPPY LIFE, Health/Beauty, Mawanella.
16/09/2025
Today 🤤💗🫶
Cooked by me 🤤🍴
රසමම රස පරාටා. 🐓 මස් සමග .ම්ම්ම්ම්ම්.....හදල බලන්න.ආස හිතෙඉ🍗🥘 resipe video life
කසාදෙකින් සිද්ධ වෙන නරකම දේ මොකක්ද කියලා දන්නවද????
ඒ නරකම දේ තමයි පණ වගේ හිටපු පෙම්වතා විවාහයෙන් පස්සෙ මූසලයෙක් බවට පත්වීම...
ගොඩක් වෙලාවට කසාද ජීවිතය කියන රතුපාට මල ඇතුලේ තියන ලස්සන පරාග අතගාන්න අවුරුදු දොලහෙ දහතුනේ ඉඳන් ආසාවෙන් පෙරුම් පුරාගෙන ඉන්න ගෑනු ලමයෙකුට කසාද බැඳලා අවුරුද්දක් විතර යනකොට හීනෙන් වත් නොදැකපු අමුතු සතෙක් අර ආදරය කරන කාලෙ දෙවියෙක් වගේ හිටපු එකාගෙ ඇඟ ඇතුලේ හැංගිලා ඉඳලා එලියට පනින දිහා බලාගෙන කඳුලු හලන්ඩ තමයි සිද්ධ වෙන්නෙ .. යාලු වෙලා ඉද්දි බබා පැටියෝ වගේ ආදරේ බේරෙන වචන වලින් කතා කරපු පෙම්වතා කසාදෙන් පස්සෙ කිසි හිරිකිතක් නැතුව නම කියල කතා කරන්ඩයි තමුසෙ කියන්ඩයි පටන්ගන්නවා.. යාලුවෙලා ඉන්න කාලේ අහසයි පොලවයි අතරෙ තියෙන ඕනම දෙයක් මගෙ සුන්දරීට ගෙනත් දෙන්නම් කියපු පෙම්වතා සැමියෙක් උනාට පස්සෙ සතපහක් වත් වියදම් නොවෙන ආදරනීය වචනයක් තමන්ගෙ බිරිඳට දීගන්ඩ බැරි වෙනවා..එහෙම කරන උඹලා මතක තියාගන්ඩ ඕනෙ එක දෙයක් තියෙනව.. ඒක තමයි
මේලෝකෙ ඉන්න ඕනෙම ගෑනියෙක්ගෙ ඇතුලෙ කවදාවත් වයසට නොයන පොඩි කෙල්ලෙක් ජීවත් වෙන බව...
***දත් ටික හිරිවැටෙන තරම් ගැට අඹ තලලා අච්චාරු කන ..
****ටෙඩි බෙයා එකෙක් තුරුල් කරගෙන ඉන්න..
****චොක්ලට් කෑල්ලක් ටිපිටිප් එකක් කන...
****තමන්ව හැම වෙලාවෙම හුරතල් කරනවට කැමති ..
***ඉඹිනවට කැමති...
අවුරුදු පහලවක වගේ පොඩි කෙල්ලෙක් අවුරුදු පණහෙ හැටේ ගෑනුත් ඇතුළුව හැම ගෑනියෙක් ඇතුලෙම ඉන්නවා
කසාද බැඳලා කාලයක් ගිහිල්ලත් බිරිඳ ඔය වගේ හුරතල් වැඩ කරනව දැක්කම
" තමුසෙට පිස්සුද ඕයි බබෙක් වෙන්ඩ හදන්න එපා "
කියලා බනින මිනිස්සු මතක තියාගන්න ඕනෙ දෙයක් තියෙනවා
උඹලා ආදරේ දෙන්ඩ ලෝබ උනාට ඒ හිදැස පිරෙන්ඩ බොරු ආදරේ දෙන්ඩ බලාගෙන ඉන්න ගොඩක් ගිජුලිහිණියෝ උඹලගෙ පවුලට ඉහලින් අහසෙ කරක්ගහමින් ඉන්නවා.. උඹගෙ ආදරේ ආරක්ශාව අඩු උන ගමන් ඒ ගිජුලිහිනියෙක් ඇවිත් උඹට තිබුන සැනසීම නැති කලාට පස්සෙ ගෑනිට අල්ලං තඩිබාන්ඩ එපා උඹගෙ වැරදි වහගන්න.. තමන්ගෙ ගෑනිට ආදරේ කරන එක තමයි නියම පිරිමියෙකුගෙ විදිහ.. තමන්ගෙ ගෑනිට දෙන්න පුලුවන් උපරිමයෙන් ආදරේ දෙන්න .. හැම දේකදිම මුර්දු වෙන්න.. ආදරේදි.. අල්ලද්දි.. ..වැරද්දක් පෙන්නලා දෙද්දි.. අවවාද දෙද්දි... බනිද්දි .. මේ හැම දේකදිම හරිම මුර්දු වෙන්න.. හරිම ආදරනීය වෙන්න.. තුරුල් කරගන්න .. සිපගන්න..
ගෑනු කියන්නෙ සමනල්ලු වගේ ජාතියක්.. සමනල්ලු වගේ ලස්සන ජාතියක්.. උන්ගෙ තටු වල පාට පිහදැමෙන්ඩ තදින් අල්ලන්න එපා ඒවා පිහදැමුනම උන් විඳවනව දැක්කම පවු කියලා හිතෙනව.. තටු ගහලා ගහලා මහන්සි වෙනකොට තටු වල පාට පිහෙන්ඩ ගහන පාරකට වඩා උන් ගොඩක් ආසයි ඔයාට මහන්සිද කියලා අහන එකට..
ධනුෂ්ක කාංචන ජයවීර
( බලපත්‍ර ලාභී මනෝවිද්‍යා උපදේශක .)
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Mawanella
12/08/2024