RISHI LODGE
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RISHI LODGE, Health/Beauty, Galle.
03/08/2026
ආදරයේ නාමයෙන් මිනිස්සුන්ට පාවිච්චි වෙන්න එපා...
ආදරය කියන්නෙ බොහොම උත්තරීතර වචනයක් වුණත්,
ලෝකෙ බහුතරයක් මිනිස්සු ආදරය පාවිච්චි කරන්නෙ තමන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ඨ කර ගන්න විතරයි.
සම්බන්ධතා ඇතුලෙ සමහර මිනිස්සු ආදරයේ නාමයෙන් ගොඩක් කැපකිරීම් කරද්දි,
ඒ කැපකිරීම් තමන්ගෙ වාසියට විතරක් පාවිච්චි කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
බහුතරයක් මිනිස්සු ආදරය කරන්නේ ඔබට නෙවෙයි, ඔබෙන් ඔවුන්ට ලැබෙන වාසි වලට විතරයි.
ඒ වගේම ඒ මිනිස්සු ඕනම කෙනෙක්ව වාසියට පාවිච්චි කරන්නත් දෙපාරක් හිතන්නෙ නෑ...
සමහර මිනිස්සුන්ට බැදීම් එයාලගෙ මුළු ජීවිතයම වෙද්දි,
තවත් සමහර මිනිස්සුන්ට බැදීම් කියන්නෙ වාසි ලබා ගන්නා මාර්ගයක් විතරයි.
ඒ වාසි ටික ගත්තට පස්සෙ ඕනෙම මනුස්සයෙක් අත ඇරලා දාන්නත් ඒ අයට පුලුවන් !
ඒ නිසා මිනිස්සු ලග ආදරයේ නාමයෙන් පාවිච්චි වෙන්න කලින්, එයාලගෙ සැබෑ අරමුණ තේරුම් ගන්න උත්සහ කරන්න.
මිනිස්සුන්ට උදව් කරන්න, හැබැයි පුද්ගලයාගෙ හැටි තේරුම් ගන්න.
වාසියට මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක් වෙනුවෙන් ඔයා කොච්චර කැපකිරීම් කලත්, එයා ඒක දකින්නෙ තවත් අවස්ථාවක් විදියට විතරයි.
ඔක්කොම උපකාර කරලා අවසානයේ ඔවුන් ජීවිතේ හදා ගත්තට පස්සෙ උදව් කරපු මිනිස්සුන්ව හලන්න එයාලා දෙපාරක් හිතන්නෙ නෑ...
ඊලගට එයාලගෙ ඊලග ඉලක්කය සපුරා ගන්න අවශ්‍ය මිනිස්සු ලං කරගෙන
එයාලව පාවිච්චි කරන එක තමා වාසි ගන්න මිනිස්සුන්ගෙ ක්‍රමය.
ඒ නිසා ඔයාගෙ හිතේ කොච්චර ආදරේ තිබ්බත්,
අනික් කෙනා කොච්චර ආදරේ පෙන්නුවත්
මිනිස්සුන්ගෙ සැබෑ ස්වරූපය ගැන කල්පනාවෙන් ඉන්න.
මොකද වාසියටම අතවනන ලෝකෙ ඇතුලෙ අවංක බැදීම් කියන්නෙ හරිම දුර්ලභ දෙයක්.
මිනිස්සු ඔයාව පාවිච්චි කරලා අයින් කරන දවසට දුකක් නොහිතෙන විදියට
එයාලට උදව් කරන්න.
නැත්තම් අන්තිමට ඔයාට ඔයා ගැනම කලකිරීමක් දැනේවි.
අහිංසක ඔයාගෙ හිතේ ආදරය ගැන සම්පූර්ණ අවිශ්වාසයක් ඇති වේවි.
ආයි කවදාවත් ඔයා ඇතුලේ ඉන්න සංවේදී මනුස්සයා කා ගැනවත් ආදරෙන් නොහිතාවි...
ආදරයට ආදරය කරන්න..
මිනිස්සුන්ට නොරැවටෙන්න..
ආදරයේ නාමයෙන් පාවිච්චි නොවන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Galle