Life with yuki

Life  with yuki

Share

Age is not relevant to travel.
ජීවත්වෙනව කියන්නෙම දුක ,සතුට ,හිමිවෙන, අහිමිවෙන සියල්ල සපිරි චාරිකාවක්. එන්න දැනූම අවබෝධය හා රසවින්දනය සමග ලෝකය දකිමූ.

29/08/2026
28/08/2026

කෙටි කතාව

🌹❤️ජීවිතේ කවියක් ...ආදරේ එහි සොඳුරුතම වදනක්❤️❤️❤️🌹🌹..?

උමා මොකද ළමයො..ඔය...?

ඇයි අම්මා....

ඔයා දැන් ඔය එකම තැන පැයකට වැඩියිනෙ උඩ බලාගෙන.

ජීවිතේ කවියක් කිව්වට කවියක්ම නෙවෙයි නේද අම්මා...

ආයිමත් අහස පොලව එකට ගැටගහන්ඩද හදන්නෙ.?

එක කරන්ඩ බෑ කියල මං දන්නව. මං කල්පනා කරේ අම්ම දුක් විදින එක ගැන.

ඒකෙ හිත හිතා ඉන්න අමුතු දෙයක් නෑ. මං ජීවිතේට එන හැටියට මුණ දෙනව.

ඇයි තාත්ත අම්ම ගැන හිතන්නෙ නැත්තෙ.

ඔයාට එහෙම හිතෙනවද?

ඔව් එයා කනව බොනව යාළුවො එක්ක පාටි දානව. අම්ම ජීවිත කාලෙම පිටරටකට වෙලා දුක් විදිනව.

එක මගේ දෛවය. මට ඔයාලත් එක්ක ඉන්න පින නෑ. තාත්තත් රස්සාවකට ගියොත් කවුද ඔයාලව බලාගන්නෙ.

ඉතිං අම්ම ඉදල තාත්තටනෙ යන්න තිබ්බෙ.

එයා රට යන්න කැමති උනේ නෑනෙ .එකනෙ මං ගියෙ.

ඔයා ඉතිං මොනවා කලත් තාත්ත මට ආදරෙයි නෙ කියල හිත හදාගෙන ඉන්නව.

ඉතිං ඒක බොරුවක් නෙවෙයිනෙ. එයා ඔයාලවත් බලාගෙන ගෙවල් දොරවලුත් බලාගෙන ගෙදර ඉන්නව නෙ.

නිකමට ඔය එවන සල්ලි ටික නවත්තල බලන්ඩකො ටික දවසකට ඇත්තටම එයා ඔයාට ආදරෙයි ද කියල හිතා ගන්න පුළුවන්.

මට දැන් අත්හදා බලන්ඩ කාලයක් නෑ ඔයා හොදට ඉගෙන ගන්ඩකො. මං ලබන සැරේ ලංකාවට එනකොට ඔයා දොස්තර නෝනා කෙනෙක් නෙ. එතකොට මට ආයිමත් යන්ඩ ඕනි වෙන එකක් නෑ.

රේණු මගෙ සුදු මැණිකෙ තව බෝතලයක් ගේන්ඩ වෙයි තව පන්දහක් දෙන්ඩකො.

ඔය දැන් මදෑ තාත්තේ බිව්වා. ඔයාට ඔච්චර බොන්න හොඳයැ. ලෙඩ ගොඩකුත් තියාන .

හැමදාම පාටි දාන්නෙ නෑනෙ දෝණි.අම්ම ආපු සතුටට නෙ.

ඔයා ලෙඩ උනොත් කවුද බලන්නෙ. ඔය බේබදු යාළුවො නම් නිකමටවත් බලන එකක් නෑ.

ඇයි මගෙ සුදු දෝණි ඉන්නෙ. දොස්තර නෝනා එයා බලයි.

දහම් ඇත්තටම ඔය ඇති දැන් නවත්තන්ඩ.

අනේ සුදු නෝනෙ ඔයා ආපු සතුටට නෙ මං බොන්නෙ.

හැබැයි මේක විතරයි ආයි බෑ හොඳ ද.

තෑන්ක්ස් සුදු නෝනෙ. love you.

අම්මා ඔයා ඔය පන්දාහ නිකන් හෙව්වෙ නෑනෙ . කොච්චර වලං පිගන් හෝදන්න ඇත්ද කොච්චර රෙදි මදින්න ඇත්ද? ගෙවල් කීයක වැඩ කරන්න ඇත්ද?

එක හරි දෝණි මං ඔයාල වෙනුවෙන් සතුටින් එ දේවල් කරන්නෙ.

ඔයා ඉතාලියෙ ඔෆිස් එකක වැඩ කරනව නෙවෙයිනෙ. ඇයි තාත්තට එක තේරෙන්නෙ නැත්තෙ.

සුදු නංගි දෝණි ගෙ කතාව ඇත්ත. දහම් හැම මාසෙම යාළුවන්ට පාටියක් දානව. රුපියල් දහ පහලොස් දාහක් වියදම් කරනව එදාට .

අක්කා මං කොහොමත් මේ ගමන ගියාම අයි එන්නෙ අවුරුදු 3 කින් විතර ඊට පස්සෙ යන්නෙ නෑ.

දහම් ළමයි බලාගන්නවා ගෙවල් දොරවල් හැදුව තමයි ඒත් වියදම් පාලනයක් නෑ.

හරි අපි ඔය කතාව නවත්තමු මට දැන් දහම්ව හදන්න බෑ. කාලෙකුත් නෑ .

අම්මා මං ඔයාට කොහොමත් අයි රට යන්න දෙන්නෙ නෑ. ඔයා ඊළග පාර එනකොට මට හොස්පිට්ල් එකක් හම්බවෙලා තියෙයි වැඩ කරන්න.

මට රට ගිහිල්ල සැනසීමට තියෙන එකම දේ ඔයා ඉගෙන ගත්තු එකනෙ. මල්ලිත් දැනට අවුලක් නෑනෙ.

මං මල්ලි ගැන ටච් එකේ ඉන්නෙ අම්මා.

එක නෙවෙයි මට කියන්ඩකො ඔයාගෙ කැම්පස් ලවු එක ගැන . ඇයි සංඛ පුතා ආවෙ නැත්තෙ .

එයාට මේ දවස්වල ඩ්‍රාමා වගයක වැඩ තියෙනව කිව්ව. අනික මං බල කරල කිව්වෙත් නෑ.

ඔය දෙන්න අතර මුකුත් අවුලක් ද?

එහෙමත් නෑ නැත්තෙත් නෑ.

එ කියන්නෙ තේරෙන භාෂාවෙන් කියන්නකො ළමයො.

ඇත්තම කිව්වොත් සංඛත් හරියට අපේ තාත්තගෙ කොපියක් වගේ . අම්මට වෙලා තියෙන දේ මටත් වෙයි කියල හිතෙනවා.

ඔයා හොදට හිතල තීරණයක් ගන්න.

කවදාහරි මටත් එයාව නඩත්තු කරන්න වෙයි. ඒත් මට දැන් ආපහු හැරෙන්ඩ අමාරුයි. සංඛගෙ ආදරේට මං ලෝබයි.

දැන් තේරෙනවද මට වෙලා තියෙන්නෙත් ඒකමයි. ගෑණු අපි හිරවෙන තැනක් ඔය. ඔයාවත් ඔතනින් ගැලවෙන්ඩ.

ආදරේ සොදුරුතම වදනක් කිව්වට අම්මා ඒක කියන තරම් සොදුරු නෑ. ආදරේ ඇතුළෙ හුගක් ගෑණු විදවනව අත්හරින්න බැරුව.

ඔයා සාහිත්‍යයත් දන්නව.

මං කලා කාරයෙක්නෙ බදින්නෙ ඉතිං දැනන් ඉන්න එපැයි. මං ආදරෙයි එයාගෙ ඇතුළෙ ඉන්න ඒ කලා කාරයට.

ආ සංඛගෙන් කෝල් එකක්.

මැණික මං තව විනාඩි දහයකින් ඔතන. පාටිය තාම ඉවර නෑනෙ රත්තරන් .

නෑ පැටියො තව වෙලා යයි ඔයා හෙමීට එන්ඩ.love you

මං කිව්වෙ දෝණි ගෑණු අහුවෙන්නෙම ඔය සූකිරි වචන වලට හරි හරි ඔයා එයාව අතහරින්නෙ නෑ ඒක මට ෂුවර්.

නිමි

🌹කතා ලියන එක සම්පූර්ණයෙන්ම නැවතිලා තිබ්බෙ . තාම කරදර ඉවර නෑ . ඒත් එතකන් ඉන්නත් බෑ. හැමදාම කතා බලල මාව දිරිමත් කරන ඒ වගෙම මට නීරෝගී සුවය පතන ඔයාල හැමෝටම ආදරෙයි ස්තූතියි ❤️🙏🙏

ලිව්වේ: චිත්‍රානි ආරියරත්න

28/08/2026

මගේ පුංචි ගෙවත්තෙන්

27/08/2026

ෆුඩ් සිටි එකෙන් ගෝව මලක් ගත්තා ගෙදර ගෙනල්ල රැපින් එක අයින් කරල බැළුවම ලොකු ගෝව කොල නමල නමල ගුලිකරල අස්සට දාල. ඊට උඩින් රැපින් කරල ගලවල බලනකම් හොයන්න බෑ කපටි වැඩ කරන්නෙ.

ඔය කොළ වෙනද තියෙන්නෙ දන්ඩ අගල් හතරක් විතර දිගට හිටින්ඩ කපල කොල අයින් කරල.

මේ කොලටික ත් කන්න පූළුවන් නමුත් අපි කොල ගන්නවට වඩා තුන් ගුණයක විතර මිලක් මල් වෙනුවෙන් ගෙවනවනෙ එතකොට මේ වැඩේ අසාධාරණයි

කොළ ඕනනම් කොල අඩුමිලට ගන්න පුළුවන්නෙ. මල් ඕන නිසානෙ මල් ගන්නෙ.

ගෝව මලක් කොච්චර ගනන්ද ලෙඩෙකුට සූප් වලට දාන්න කියල ගෙනාවෙ. අන්තිමට ගෝව කොල ගොඩකට තමයි අපි ගෙවන්නෙ.

Photos from Life  with yuki's post 23/08/2026

ඊයෙ මට C T Scan එකක් තිබ්බ නවලෝක රෝහලේ ඇතුලට යන්ඩ රෙඩි වෙලා ඉද්දි අපේ අක්ක ගත්ත පොටෝ 😁😁ශරීර කූඩුව ආපහු වද දෙනව ඔය පස්වෙනි වතාවට CT කරේ. ඕනම දේකට සතුටින් මූණ දෙන්ඩ ඕන😁

රිපෝට් එක අගහරුවාදා ලැබෙන්නෙ. ආයි මහරගම නම් යන්ඩ බෑ අප්පා දැං ඇතිවෙලා.

සී ටී කරන්න සමහරු යන්න බයයි. බය නැතුව යන්න නවලෝක රෝහලේ කාර්ය මණ්ඩලය ඉතාමත්ම කාරුණික යි හරිම friendly. ඔබ කොහෙන් CT එකක් කරත් ඒක බය නැතුව කරගන්න.

ETHA EPITA GAMMANEN cover KULASIRI ARIYARATNE 21/08/2026

My brother මට වැඩිමල් මගේ අයියා. එයා විද්‍යා ගුරුවරයෙක්.
අපේ තාත්තාට තිබ්බ ගීත ගායනා කරන්න හැකියාව. ඉතිං ඒ විදිහටම ගීත ගායනා කරන්න අයියටත් පූළුවන්

ETHA EPITA GAMMANEN cover KULASIRI ARIYARATNE ඔබ ගයන්න කැමතිනම්-1) 777599699 අංකය Colombo Singers නමින් සේව් කරග...

Want your business to be the top-listed Beauty Salon in Homagama?
Click here to claim your Sponsored Listing.

Address

Homagama