Mind Hour with Piuu

Mind Hour with Piuu

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mind Hour with Piuu, Health/Beauty, Colombo.

💬 Psychology & Healing in Simple Words
🎓 Mental Health | Parenting | Real-Life Struggles
🧠 Understand | Cope | Grow
📩 I’m here to help - For Online Appointments - 077 888 0500 (WhatsApp)

24/07/2026
15/07/2026

මේ රෝග ලක්ෂණ 14 ඔබේ ජීවිතයට කොයිතරම් බලපානවාද කියලා බලන්න.

1. ​නිතර දැනෙන හිස් බවක් හෝ දුකක්.

2. ​අනාගතය ගැන බලාපොරොත්තු සුන්වීම.

3. ​තමන් ගැන වටිනාකමක් නැති බවක් දැනීම

4. ​කිසිම හේතුවක් නැතුව දැනෙන අධික වරදකාරී හැඟීමක්.

5. ​කලින් කැමති වූ දේවල් කිරීමේ උනන්දුව නැතිවීම.

6. ​නිතර තරහ යාම හෝ ඉක්මනින් කේන්ති යාම.

7. ​දවස පුරා දැනෙන අධික වෙහෙස සහ ශක්තියක් නැති බවක් දැනීම.

8. ​නින්ද නොයාම හෝ නින්ද සම්බන්ධ ගැටලු.

9. ​ඕනෑම දෙයකට අවධානය යොමු කිරීමට අපහසුවීම.

10. ​කෑම අරුචිය (බර අඩුවීම).​නැතිනම,

11. සැනසීම සොයා අධික ලෙස කෑම (බර වැඩිවීම).

12. ​පැහැදිලි කිරීමට නොහැකි ශාරීරික වේදනා (හිසරදය, බඩේ කැක්කුම වගේ දේවල්).

13. ​සිතුවිලි පාලනය කරගත නොහැකි තරමට සිතට එන නිෂේධාත්මක දේවල්.

14. ​නිතර මරණය හෝ සියදිවි නසාගැනීම ගැන සිතුවිලි ඇතිවීම.

​මෙයින් ලක්ෂණ එකක් හෝ දෙකක් තිබූ පමණින් එය ඩිප්‍රෙෂන් නොවිය හැකියි. නමුත් මේවා සති 2කට වඩා වැඩි කාලයක් පවතී නම්, ඔබේ සාමාන්‍ය ජීවිතය ගත කරගෙන යන්න බැරි තරමට ඒක කරදරයක් නම් කරුණාකර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ඔබට හෝ පවුලේ අයෙකුට උදව් අවශ්‍යද? මෙන්න කතා කරන්න.
​ඔබට දැනෙන්නේ තනිකමක්ද? කාටවත් කියන්න බැරි ප්‍රශ්නයක් හිතේ තියෙනවාද? කරුණාකර හිත හිරකරගෙන ඉන්න එපා. මේ අංකවල ඉන්නේ ඔබව විනිශ්චය නොකර, ඔබේ කතාව අහන් ඉන්න සූදානම් අයයි.

​ 1926 - ජාතික මානසික සෞඛ්‍ය හදිසි ඇමතුම් සේවාව (NIMH)

(සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම, දවසේ පැය 24 පුරාම නොමිලේ මෙම සේවාව ලබාගත හැක).

​ 1333 - CCCline

(දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක, සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැකි දුරකථන උපදේශන සේවාවකි).

​ 011 2 696 666 - සුමිත්‍රයෝ

(ඔබේ දුක, කනගාටුව බෙදාගන්න විශ්වාසවන්තම මිතුරෙක්).

​ 071 763 9898 - ශාන්ති මාර්ගම්

(තරුණ පරපුරට සහ නව යොවුන් වියේ අයට විශේෂයි)

13/07/2026

ඔයා මේ ලෝකේ ඉන්න විශේෂ කෙනෙක්. ඔයාගේ මනස ඔයාගේ වටිනාම වස්තුව.
ඒ මනස ගැන හොඳින් බලාගන්න. සතුටින් ඉන්න.

අද ඉඳන් ඔයා ගැනම හොඳ දේවල් හිතන්න පටන් ගන්න.

13/07/2026

“අපිට බේරගන්න බැරි වුණේ ජීවිතයක්ද… නැත්නම් නිහඬව උදව් ඉල්ලපු හදවතක්ද?” 💔

අද උදේ ඉඳන් Facebook එක පුරා හුවමාරු වෙන ඒ සිදුවීම දැක්කම, මගේ හිතට ආවේ එකම ප්‍රශ්නයයි…

අපි කොච්චර දෙනෙක්ගේ නිහඬ කෑගැසීම අහන්නේ නැතුව පහු කරගෙන යනවද?

මානසික වේදනාව කියන්නේ ඇසට පේන තුවාලයක් නෙවෙයි.

සමහර අය හිනාවෙනවා…
රැකියාවට යනවා…
අනිත් අයට උදව් කරනවා…
Facebook එකේ ලස්සන post දානවා…

ඒත් ඇතුළෙන් දවසින් දවස කඩා වැටෙනවා.

අපි බොහෝ වෙලාවට අහන්නේ,
“ඇයි එහෙම කළේ?”

නමුත් මට හිතෙන්නේ අපි අහන්න ඕනේ,
“ඒ කෙනා මේ තරම් වේදනාවෙන් ඉන්නකොට, කවුරුහරි ඒ වේදනාව දැක්කද?”

අද මම ඔබෙන් ඉල්ලන්නේ එක දෙයයි.

ඔබේ පවුලේ කෙනෙක්…
ඔබේ යාළුවෙක්…
ඔබේ සහකාර සේවකයෙක්…
කාලෙකින් කතා නොකළ කෙනෙක්…

අදම ඔහුට හෝ ඇයට message එකක් යවන්න.

“ඔයා හොඳින්ද?”
“කතා කරන්න ඕනේ නම් මම අහගෙන ඉන්නවා.”

ඒ වචන දෙක තුන, ඔබ හිතනවට වඩා ලොකු බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්.

ඒ වගේම මේ වගේ සංවේදී වීඩියෝ නැවත නැවත share කරන එක ගැනත් සිතන්න.

කෙනෙකුගේ අවසාන මොහොත අපේ timeline එකේ content එකක් නොවිය යුතුයි. ඒ වෙනුවට, ජීවිතයක් බේරාගන්න පුළුවන් සංවාදයක් ආරම්භ කරමු.

ඔබ දැන් මේ මොහොතේ හිතෙන් ගොඩක් අමාරුවෙන් ඉන්නවා නම්…

කරුණාකර තනියම ඒ බර උහුලන්න එපා.

විශ්වාස කරන කෙනෙක්ට කතා කරන්න.
පවුලේ කෙනෙක්ට කියන්න.
යාළුවෙක්ට කියන්න.
වෘත්තීය සහාය ලබාගන්න.

උදව් ඉල්ලන එක දුර්වලකමක් නෙවෙයි.
ඒ තමයි ජීවත් වෙන්න ගන්න නිර්භීතම තීරණයක්. 🤍

ආදරයෙන්,

Piumi Eranga
Mental Health Counsellor
Mind Hour With Piuu

#මානසිකසෞඛ්‍ය #ජීවිතයවටිනවා #ඔබතනියමනෙවෙයි

12/07/2026

වර්තමානය = ජීවිතේ ලස්සනම කොටස

අනාගතය ගැන චකිතය සහ අතීතය ගැන දුක ඔයාගේ වර්තමානය නාස්ති කරනවා.
දැන් මොහොතේ ජීවත් වෙන්න.

මොහොතේ ඔයාට දැනෙන දේවල් ගැන විතරක් හිතන්න.

11/07/2026

සමාව දීම = නිදහස් වීම

අනිත් අයට සමාව දීම අනිත් අය සඳහා කරන දෙයක් නෙවෙයි, තමන්ගේ මනසේ සාමය සඳහා කරන දෙයක්.
වෛරය හිතේ තියාගෙන ඉද්දී මොළයේ කෝටිසෝල් වැඩි වෙනවා.

වෛර කරන අයට සමාව දීලා, හිත සැහැල්ලු කරගන්න.

Photos from Mind Hour with Piuu's post 11/07/2026

“ඔබට කවුරුහරි ඇත්තටම සවන් දුන්නාද?” 🌿

අපි හැමෝටම ජීවිතේ යම් අවස්ථාවක…
කිසිම කෙනෙකුට කියාගන්න බැරි දේවල් තිබිලා තියෙනවා.

හිත රිදෙන දවස්…
නින්ද නොයන රාත්‍රී…
හේතුවක් නැතුව දැනෙන බරක්…
හැමෝම අතරේ ඉඳලත් තනිකමක්…

සමහර වෙලාවට අපිට අවශ්‍ය වෙන්නේ විසඳුමක් නෙවෙයි…
අපිව තේරුම් ගන්න කෙනෙක්.

ඒ නිසාම තමයි Mind Hour Counselling & Wellness Centre ආරම්භ වුණේ.

මේක සේවාවක් විතරක් නෙවෙයි…
කෙනෙකුගේ කතාව විනිශ්චය නොකර අහන තැනක්.
කඳුළු හංගන්න ඕන නැති තැනක්.
නැවත ජීවිතේ බලාපොරොත්තුව හොයාගන්න පුළුවන් තැනක්. 🤍

මේ catalogue එක හරහා අපි කවුද, අපි කරන සේවාවන් මොනවද, සහ ඇයි බොහෝ දෙනා අපව විශ්වාස කරන්නේ කියන දේ ඔබට දැනගන්න පුළුවන්.

ඔබට, ඔබ ආදරය කරන කෙනෙකුට, හෝ ඔබේ පවුලේ සාමාජිකයෙකුට කවදා හෝ සහයෝගයක් අවශ්‍ය වුණොත්…
අපි මෙතන ඉන්නවා. 💚

ඔබ තනිවම මේ ගමන යන්න ඕන නැහැ.

📞 077 888 0500
📞 070 304 4319

📩 Message එකක් එවන්න.
අපි ඔබට සවන් දෙන්න සූදානම්.

🍃 Mind Hour Counselling & Wellness Centre
🍃 Mind Hour Academy

“Supporting Minds. Inspiring Hope. Empowering Lives.” 💚

“මේ post එක කියවපු ඔබ අද හොඳින් නම්… අමාරු කාලයක් ගත කරන කෙනෙක් වෙනුවෙන් share එකක් කරන්න. සමහරවිට ඒ share එක කෙනෙකුගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්.” 🌿💚

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address

Colombo