Nim’s Melbourne Days
Daily snippets of my Melbourne life ♡
🌸 Just a Srilankan 🇱🇰
Being a little 'delulu' is the only way to survive the week! 🫣🍰✨
ඩයට් එක හෙටින් පටන් ගන්නවා කියලා අද රෑටත් කෑම පේජ් පීරන, බේකින් සුවඳට මෙල්ට් වෙන අය තව ඉන්නවද 🫠😜
20/07/2026
Long break එකකට පස්සේ... ඔයාලව බඩගිනි කරවන්න කිරිබත් පිඟානකුත් උස්සගෙන ඔන්න මම ආයෙමත් ආවා! 🥹❤️✨
මාස ගානකින් මොකුත් පෝස්ට් කරේ නැති වුනාට මාව අමතක වෙලා තිබ්බේ නෑ නේද? 👀 කාර්යබහුල දවස් අස්සේ ඔයාලව ටිකක් මඟහැරුණා තමයි. හැබැයි මං ආවේ නිකන්ම නෙවෙයි, දවසම Sweet කරවන අලුත්ම රස අදහස් ගොඩක් එක්ක! 👩🍳🍰
The kitchen is officially open again! Stay tuned! 🏡✨
13/06/2026
අද ලියන්න යන්නෙ පොඩිකාලෙ රස මතකයක් ගැන...
මට ඒ කෑමෙ නම නම් හරියට මතක නැහැ.ඒත් ඒකට පිටිගුලි කියලාත් සමහර අය කියනවා.
එදා හරිම වැස්ස දවසක්.එයාලා හරිම ආසයි මාව එහෙ එක්ක යන්න.ඒ හැමෝම මට හරිම ආදරෙයි.
ඉතින් එදාත් එයාලා අපේ ගෙදර ආවම මාව එහෙ එක්ක ගියා ,දවසක් එහෙ ඉමු කියලා. ඒත් මම ආස නැහැ ඒ කාලෙ අම්මව,තාත්තව,මල්ලිව දාලා කොහෙවත්ම යන්න. පුංචිලා දන්නවා ඉතින් මම ආවට ඉන්නෙ පෝඩ්ඩක් දුකින් කියලා.එයාලා මාව සතුටු කරන්න එක එක දේවල් කරනවා.
ඉතින් එදා එයා කිව්වා "අපි අද අලුත් කෑමක් හදමු චූටි නෝනා" කියලා.😍
එහෙම කියලා එයා පාන්පිටි,පොල් එහෙම දාලා පොල් රොටී හදන්න වගේ ලොකු පිටිගුලියක් හැදුවා.හරිම සුවඳයි ඒක.
ඊටපස්සෙ "චූටි ළමයි ඔක්කොම අත් හෝදන් එන්න" කියලා එයා මගෙයි අක්කිගෙයි,අයියාගෙයි අත්වල පොල්තෙල් ටිකක් ගාලා.අර තඩි පිටි ගුලියෙන් ටීක් බෝල සයිස් එකට චූටි චූටි බෝල හදන්න කිව්වා.
අපි ඉතින් එක හුස්මට වැඩ...
එහෙම කියපු පුංචි; පරිප්පු ටිකක් සෝදලා අරන් පරිප්පු හොද්දකුත් හැදුවා.පරිප්පු භාගෙට ඉදීගෙන එද්දි අර චූටි චූටි පිටිබෝල ටික ඒකට දාලා පරිප්පුත් එක්කම ටිකවෙලාවක් ඉදෙන්න දුන්නා.
🤫ඊටපස්සෙ තමයි මැජික් එක.පොතුත් එක්කම තලාගත්ත සුදුළූණුයි, දෙකට තුනට කඩපු වියළි මිරිස් කරල් දෙක තුනකුයි,අබ ඇට,කරපිංචා එහෙම දාලා සුවඳම සුවඳ තෙම්පරාදුවක් හදපු පුංචි ඒක අර නටන හොද්දට එකතු කළා.
දෙවියනේ පලාතෙ ඉන්න බෑ සුවඳ.ඊටපස්සෙ ඉතින් හැමෝටම ඒක පිඟන් වලට බෙදලා උණුවෙන්ම කන්න දුන්නා.වැඩි දේවල් නැති උනත් ඒක මම ජීවිතේ කාපු රසම කෑම වලින් එකක් කියලා අදටත් මට මතක් වෙනවා. ඊටපස්සෙ ගොඩපාරක් ඒක කාලා තිබුණත් එදා ආව රස දැනුනෙ නැහැ.
ඒ නිසා මම හැමදාම කියන්නෙ "මතක තමයි රසම" කියලා. හැම කෑමක්ම රස වෙන්නෙ රස මතක එක්ක.
මම නිම්...❤️
Rainbow Birthday Cake 😍
සීනි බනිස් කන අය එන්න....😍🫣
Super soft සීනි බනිස් එකක් කමුද?
09/05/2026
මේ වගේ රසම රස Chocolate කේක් එකක් කන්න කවුද කැමති 🫣🍫🤎
පහුගිය දවසක මම ගෙදර කන්න හදපු කේක් එකක් තමයි මේ තියෙන්නේ.ඉතින් මේ Chocolate Cake එකේ තියෙන්නේ හරිම ගැඹුරු චොක්ලට් පාටක්.(මගේ රස රහසක්)
මේකේ රස තවත් වැඩි කරන්න මම පාවිච්චි කළේ Russian Butter Cream කියන icing එක🧁
ගොඩක් අය මේ අයිසින් එකට කැමති ඒකේ තියෙන සුවිශේෂී රස නිසා. මේක හදන්න ප්‍රධාන වශයෙන්ම ගන්නේ
Condensed milk(හැමෝම දන්න මිල්ක්මේඩ්) සහ බටර් විතරයි.ඒ නිසා සාමාන්‍ය අයිසින් වල වගේ අධික පැණි රසක් (overly sweet) මේකේ නැහැ.
හරිම සිනිඳු, මෘදු රසයක් තමයි තියෙන්නේ😍✨
ඒ මදිවට උඩින් ඉහපු චොප් කරපු කජු ටිකත් එක්ක හැපෙනකොට දැනෙන රස නම් කියලා වැඩක් නැහැ! 😁😋
Recipe ඕන අය පහළින් comment එකක් දාගෙනම යන්නකෝ 🥰
🍰✨
07/05/2026
ආදරණීය මැයි මාසෙ පළවෙනිදා හදපු කිරිබත් ❤️
මැයි මාසය කියන්නේ මගේ ජීවිතයට ගොඩක් සමීප, ආශිර්වාද ගොඩක් අරන් එන සුන්දර මාසයක්. මේ මාසය අපිට සුවිශේෂී වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා.
අපි දෙන්නා යුග දිවියට පිය නැගුවේ මේ වගේ මැයි මාසයක. ජීවිතයේ අලුත් ගමනක් ආරම්භ කරපු ඒ සුන්දර මතකය හැමදාමත් හදවතේ තියෙනවා.
ඒ වගේම තමයි මැයි මාසය කියන්නේ ජේසු අම්මාට (මරිය මෑණියන්ට) කැප කරපු මාසය. මෑණියන්ගේ ආශිර්වාදය සහ මගපෙන්වීම අපේ පවුල් ජීවිතයට නිරන්තරයෙන් ලැබෙනවා කියන විශ්වාසය අපේ හිතට ලොකු ශක්තියක්.
මුළු ලෝකයම ආලෝකවත් කරමින් උදාවන වෙසක් මංගල්‍යයත් මේ මාසයටම හිමියි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරන මේ පින්බර කාලසීමාව අපේ සිත් වලට ගේන්නේ මහත් වූ ශාන්තියක්🥰
ආදරය, භක්තිය සහ ආධ්‍යාත්මික සුවය පිරි මැයි මාසයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා! ✨❤️
26/04/2026
🇱🇰 ලංකාවට ගිය ගමන් ඇඟ "ඉදිමිලා" වගේ පේන්නේ ඇයි? 🧐
ඕස්ට්‍රේලියාව, යුරෝපය, කැනඩාව වගේ සීතල හෝ වියළි දේශගුණයක් තියෙන රටක ඉඳලා නිවාඩුවකට ලංකාවට ගොඩබැස්ස ගමන් අපිට දැනෙන ප්‍රධාන වෙනසක් තමයි ඇඟ මහතට පේන්න ගන්න එක. කණ්ණාඩියෙන් බලද්දී මුහුණ පිරිලා, කකුල් දෙක ඉදිමිලා වගේ පෙනුමක් එන්නේ ඇයි කියලා ඔබ කවදාහරි හිතුවද?
මේක ඇත්තටම ලංකාවෙ "තෙල් දාපු කෑම" නිසා එකපාරටම සිද්ධ වෙන මහත් වීමක් නෙවෙයි. මේකට කියන්නේ "Water Retention" (සිරුරේ ජලය රැඳී සිටීම) කියලා.
🔺මේකට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් මෙන්න:
1️⃣ අධික ආර්ද්‍රතාවය (High Humidity):
සීතල රටවල තියෙන්නේ වියළි දේශගුණයක්. ලංකාව වැනි නිවර්තන කලාපීය රටක වාතයේ තෙතමනය (Humidity) වැඩියි. මේ නිසා දහඩිය ඉක්මනින් වාෂ්ප වෙන්නේ නැහැ. සිරුරේ උෂ්ණත්වය පාලනය කරගන්න අපේ පටක තුළ වැඩිපුර ජලය රඳවා ගන්න සිරුර පෙළඹෙනවා.
2️⃣ සීතල දේශගුණයේ සිට රස්නයට මාරු වීම:
ඕනෑම සීතල රටක සිට එකපාරටම රස්නය තියෙන රටකට ගිය විට සිරුරේ රුධිර නාල (Blood vessels) ප්‍රසාරණය වෙනවා. එවිට සිරුරේ පටක අතරට වැඩිපුර දියර වර්ග කාන්දු වීම නිසා "ඉදිමුණු" ස්වභාවයක් පේන්න ගන්නවා.
3️⃣ ලුණු සහ කුළුබඩු (Sodium Effect):
ලංකාවේ කෑම වල ලුණු සහ රසකාරක භාවිතය වැඩියි. අපි ලංකාවට ගිය ගමන් කන කෑම බීම වල තියෙන අධික සෝඩියම් ප්‍රමාණය නිසා, ඒ ලුණු සමබර කරන්න සිරුර විසින් ජලය රඳවා ගන්නවා.
4️⃣ දීර්ඝ ගුවන් ගමන (Long-haul Flights):
පැය ගණනාවක් එක දිගට අසුන්ගෙන සිටීම නිසා රුධිර සංසරණය මන්දගාමී වෙනවා. මෙය විශේෂයෙන්ම කකුල් සහ වළලුකර ආශ්‍රිතව ඉදිමීම (Edema) ඇති කරනවා.
🔺මේ පෙනුම අඩු කරගන්නේ කොහොමද?
• 💧 වැඩිපුර වතුර බොන්න: පුදුමයක් වුණත්, ඔබ ඇති තරම් වතුර බොන විට සිරුර අනවශ්‍ය ජලය රඳවා ගැනීම නතර කරනවා.
• 🚫 ලුණු පාලනය කරන්න: අමතර ලුණු එකතු කළ කෑම සහ පැකට් කළ ආහාර (Processed food) අඩු කරන්න.
• 🚶♂️ ඇඟ වෙහෙසන්න: දිනපතා විනාඩි 20ක්වත් ඇවිදීම හෝ ව්‍යායාම කිරීම මගින් රුධිර සංසරණය ක්‍රමවත් කරගන්න.
• 🍌 පොටෑසියම් බහුල ආහාර: කෙසෙල්, කුරුම්බා වැනි ආහාර ගැනීමෙන් සිරුරේ ලුණු මට්ටම පාලනය කරගන්න පුළුවන්.
ඉතින් ඊළඟ වතාවේ ලංකාවට ගියහම "මම මහත් වෙලා" කියලා වද වෙන්න එපා.🤭
සති කිහිපයකින් සිරුර දේශගුණයට හුරු වුණාම මේ තත්ත්වය ඉබේම මඟ හැරිලා යනවා!
ඔයාලටත් ලංකාවට ගිය ගමන් මේ වෙනස දැනිලා තියෙනවාද? Comment එකකින් කියන්න! 👇
-Nim's Melbourne Days-
26/04/2026
Missed me? 😉 පොඩි නිහඬතාවයකින් පස්සේ ආයෙමත් ඔයාලගේ feed එකට රසම රස කෑම ටිකක් අරගෙන එන්නයි ලෑස්තිය 🥳🥐☕
Click here to claim your Sponsored Listing.